ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව, අද (ජූලි 24) ඊයේ දිනයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලය එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සුළු වශයෙන් අගය ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර, ඩොලරයේ විකුණුම් මිල රු. 340 ක් ලෙස නොවෙනස්ව පවතී.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 331.64 සිට රු. 331.62 දක්වා පහත වැටී ඇති අතර, විකුණුම් මිල ද රු. 340.87 සිට රු. 340.79 දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකක ඇතුළු අනෙකුත් විදෙස් මුදල් කිහිපයකට එරෙහිව ශ්‍රී ලංකා රුපියලය අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.














