ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් සිංගප්පූරුවේ ගුඩ්මන් කලා මධ්‍යස්ථානයේදී ‘APOORVA’ සංස්කෘතික සන්ධ්‍යාව සහ ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ අප්සරාස් නර්තන කණ්ඩායම ඒකාබද්ධව සංවිධානය කළ මෙම සුවිශේෂී උත්සවය සඳහා, Asia Tech x Singapore 2026 සමුළුවට සහභාගී වීමට පැමිණි ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස එක් විය.
ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය පිළිබඳ විශේෂ දේශනයකින් ආරම්භ වූ මෙම වැඩසටහන උඩරට සහ භරතනාට්‍ය නර්තන සංදර්ශනවලින් ද, දිල්මා (Dilmah) සහ ක්ලිපර් (Clipper) වැනි ප්‍රමුඛ පෙළේ සමාගම්වල දායකත්වයෙන් පැවැති විශේෂ තේ රස බැලීමේ අවස්ථාවන්ගෙන් ද සමන්විත විය. මේ සඳහා රටවල් රැසක තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ සිංගප්පූරු ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයන් 30කට අධික පිරිසක් සහභාගී වූහ.
















