එමිරේට්ස් (Emirates) ගුවන් සේවයේ සම්මානනීය පාරිභෝගික පක්ෂපාතිත්ව වැඩසටහන වන ‘Emirates Skywards’ මඟින් සිය ලොව පුරා සිටින මිලියන 38කට අධික සාමාජිකයින් වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසක් ඇතුළත් ‘Season of Rewards’ නමින් දැවැන්ත ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපාරයක් නිල වශයෙන් ආරම්භ කර තිබේ. එළඹෙන 2026 අගෝස්තු මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම විශේෂ වැඩසටහන හරහා සාමාජිකයින්ට බෝනස් ස්කයිවර්ඩ්ස් මයිල්ස් (Bonus Skywards Miles) සහ ටියර් මයිල්ස් (Tier Miles) උපයා ගැනීමටත්, Cash+Miles ක්‍රමවේදය යටතේ වැඩි මූල්‍ය ඉතිරියක් ලබා ගැනීමටත් මෙන්ම හෝටල් වෙන්කරවා ගැනීම්, මෝටර් රථ කුලියට ගැනීම් සහ සංචාරක පැකේජ සඳහා ඉහළ දීමනා රැසක් භුක්ති විඳීමටත් අවස්ථාව සැලසේ.
මෙම විශේෂ ‘Season of Rewards’ ප්‍රවර්ධනය යටතේ පිරිනමන ප්‍රධානතම දීමනාවක් වන්නේ එමිරේට්ස් හෝ flydubai ගුවන් ගමන් මෙන්ම අතිරේක ගමන් මලු (Excess baggage), ගුවන් තොටුපළ විවේකාගාර පහසුකම් (Lounge access) සහ අසුන් වෙන්කරවා ගැනීම් සඳහා Cash+Miles ක්‍රමවේදය භාවිත කිරීමේදී සාමාන්‍යයෙන් ලැබෙන ඉතිරිය මෙන් දෙගුණයක ඉතිරියක් ලබාගත හැකි වීමයි. ඒ අනුව, මෙම සීමිත කාලසීමාව තුළ ස්කයිවර්ඩ්ස් මයිල්ස් 2,000ක් භාවිත කිරීමෙන් ඇමෙරිකානු ඩොලර් 15ක් වෙනුවට ඩොලර් 30ක වට්ටමක් හිමිකර ගැනීමට සාමාජිකයින්ට අවස්ථාව ලැබේ. මීට අමතරව 2026 අගෝස්තු 31 දක්වා සිදුකරන සෑම එමිරේට්ස් හෝ flydubai ගුවන් ගමනක් සඳහාම 20%ක අතිරේක බෝනස් ටියර් මයිල්ස් ප්‍රමාණයක් හිමිවන අතර, එමඟින් සාමාජිකයින්ට සිය පක්ෂපාතිත්ව මට්ටම් (Silver, Gold, Platinum) කරා වේගයෙන් ළඟා වීමට හෝ පවතින සාමාජිකත්වය අලුත් කර ගැනීමට ඉතා පහසුවෙන් අවස්ථාව සැලසේ.
එමෙන්ම එමිරේට්ස් ස්කයිවර්ඩ්ස් හි ගෝලීය හවුල්කාර ජාලය වන Marriott Bonvoy, IHG, Jumeirah වැනි හෝටල් වෙන්කිරීම්, Hertz, Avis, Budget, Europcar වැනි රථවාහන කුලියට දීමේ සේවාවන්, United Airlines, Air Canada, Japan Airlines වැනි හවුල්කාර ගුවන් සේවාවන් මෙන්ම Emirates Holidays පැකේජ සඳහා 50%ක අතිරේක බෝනස් මයිල්ස් ප්‍රමාණයක් උපයා ගත හැකි අතර මෙම දීමනාව මැයි 21 සිට අගෝස්තු 31 දක්වා සිදුකරන සංචාර සඳහා වලංගු වේ. සාමාජිකයින්ට easyJet සහ Jet2 ගුවන් සේවා හරහා සිදුකරන සංචාරක වෙන්කරවා ගැනීම් සඳහා මයිල්ස් 9,000ක් වෙනුවට මයිල්ස් 4,500ක් වැනි අඩක පිරිවැයකින් සිය මයිල්ස් රීඩීම් (Redeem) කරගනිමින් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට ද මෙමඟින් සුවිශේෂී අවස්ථාවක් සලසා දී ඇත. එමිරේට්ස් ස්කයිවර්ඩ්ස් හි උප සභාපති ආචාර්ය නෙජිබ් බෙන් කෙදර් (Dr. Nejib Ben Khedher) මහතා ප්‍රකාශ කර සිටින්නේ, සිය ගෝලීය පාරිභෝගිකයින්ගේ සංචාරක අත්දැකීම් වඩාත් පිරිවැය සීමිත සහ වටිනාකමකින් යුක්ත එකක් බවට පත් කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බවයි.















