2025 වසරේදී ශ්‍රී ලංකාව මද්‍යසාර භාවිතය හේතුවෙන් උපයාගත් බදු ආදායමට වඩා විශාල පිරිවැයක් සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්‍රයන් හි දැරීමට සිදුව ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එම වසර තුළ මද්‍යසාර බදු ආදායම ලෙස රුපියල් කෝටි 25,400ක් ලැබී තිබුණද, මද්‍යසාර භාවිතය නිසා ඇති වූ සෞඛ්‍ය හා ආර්ථික පිරිවැය රුපියල් කෝටි 33,500ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, මද්‍යසාරවලින් ලැබෙන බදු ආදායමට වඩා රුපියල් කෝටි 8,100ක අතිවිශාල පිරිවැයක් රටට දැරීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල දත්ත ඇසුරෙන් පෙන්වා දී තිබේ.
















