• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක් පවත්වයි

20 May 2026
in දේශීය, පුවත්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී  විශේෂ දේශනයක් පවත්වයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මැයි 19 වන දින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේදී (St Antony’s College) පැවැති “2026 OSGA වාර්ෂික දේශනය” (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූවාය. ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශය (OSGA) විසින් සංවිධානය කර තිබූ මෙම දේශනයේදී අග්‍රාමාත්‍යතුමිය “සංවර්ධනයේ දේශපාලනය, ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ විශේෂ දේශනයක් සිදු කළාය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන් අමතමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ සංවර්ධනය යනු හුදෙක් ආර්ථික මාදිලිවලින් පමණක් මැනිය නොහැකි, මිනිසුන්ගේ එදිනෙදා ජීවන අත්දැකීම් තුළින් වටහා ගත යුතු දෙයක් බවයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුද සහ දිගුකාලීන අසමානතාවන්ගෙන් මිදෙමින් පවතින රටවල පාලන තන්ත්‍රය මෙහෙයවීමේදී පරමාදර්ශයන් සහ ප්‍රායෝගික යථාර්ථයන් අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද ඇය පෙන්වා දුන්නාය. මීට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන සහභාගීත්වය, කාන්තාවන් විසින් සිදු කරනු ලබන ගෙවීම් ලබන සහ නොලබන සාත්තු සේවා (Care Work) හඳුනා ගැනීමේ වැදගත්කම මෙන්ම සංවර්ධන ප්‍රමුඛතාවන් සැමවිටම දේශීය යථාර්ථයන් මත පදනම් විය යුතු බව ද ඇය අවධාරණය කළාය.
දේශනයෙන් අනතුරුව පාලනය, ආයතනික ස්වාධීනත්වය, දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී වගවීම පිළිබඳව විද්වතුන් සමඟ ප්‍රශ්නෝත්තර සැසියක් ද පැවැත්විණි. අග්‍රාමාත්‍යවරියගේ මෙම දේශනය අගය කළ ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ඩියෙගෝ සැන්චෙස්-අන්කෝචියා (Professor Diego Sanchez-Ancochea) මහතා ප්‍රකාශ කළේ, මෙය ශාස්ත්‍රීය අවබෝධය සහ ප්‍රායෝගික දේශපාලන අත්දැකීම් යන ද්විත්වයම මැනවින් උපයෝගී කරගනිමින් දේශපාලනය සහ සංවර්ධනය අතර පවතින සබඳතාව පිළිබඳව සිදු කළ කාලෝචිත දේශනයක් බවයි.
Post Views: 5
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය

Next Post

ගල් අඟුරු මිලදී ගැනීමේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved