ශ්‍රී ලංකාව ලෝකය හා යා කරන මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අද (සැප්තැම්බර් 01) සිය 47 වන සංවත්සරය සමරයි.
1979 සැප්තැම්බර් 01 වනදා බෝයිං 707 (Boeing 707) වර්ගයේ ගුවන් යානා දෙකකින් ‘එයාර් ලංකා’ (Air Lanka) නාමය යටතේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ මෙම ජාතික ගුවන් සේවය, අද වන විට ජාත්‍යන්තර ගුවන් ක්ෂේත්රය තුළ ප්රමුඛ පෙළේ කලාපීය ගුවන් සේවයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය, සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය ලොව පුරා ප්‍රචලිත කිරීමට මුල් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය, පසුගිය දශක හතරකට වැඩි කාලය පුරා ගුවන් මගීන්ගේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය ඉහළින්ම තහවුරු කිරීමට සමත් විය.













