ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහි දූෂණ චෝදනා නඩුවේ විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද (28) නියෝග කර තිබේ.2014 වසරේදී ගුවන්යානා ගමන් මාර්ග වෙනස් කර රජයට අමෙරිකානු ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුකිරීම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1.25 ක රජයේ මුදල් වැය කිරීම යන චෝදනා සැකකරුට එල්ල වී ඇති අතර, අල්ලස් කොමිසමේ ඉල්ලීම මත මෙම නඩුව යළි දෙසැම්බර් මස 08 වන දින කැඳවීමට නියමිතය.














