• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ

11 July 2023
in දේශීය

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදාතා ඒකකය විසින් නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික ලබාදීම අද (11) කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය.

මේ යටතේ දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් අතරින් තෝරාගත් ව්‍යවසායකයින් 70 දෙනෙක්ගේ නිෂ්පාදන සඳහා GMP ( යහපත් නිෂ්පාදන පිළිවෙත්) ප්‍රමිති සහතිකය හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) හා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් ලබා දෙන මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය විදාතා ඒකකය විසින් දරනු ලබයි. මේ අනුව අද දින සබන්, face wash, sanitizer (විශබිජනාශක දියර) , hand wash වැනි රසායනික නිෂ්පාන, යෝගට්, නුඩ්ල්ස් වැනි ආහාර නිෂ්පාදන හා Herbal (ඖෂධීය නිෂ්පාදන) යන අංශ නියෝජනය කළ ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් පිරිසක් වෙත මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන ලදී.

විදාතා ඒකකය මඟින් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින්ගේ භාණ්ඩ වල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ නංවමින් ග්‍රාමීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණ ඇතිව ඔවුන් හට ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරන අතර ඒ තුළින් වසරකට දහසකට ආසන්න නිෂ්පාදන සඳහා සහතික ලබාදීමට කටයුතු කරයි. මෙම වැඩසටහන් සඳහා 2021 හා 2022 යන වසර 2 සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් කර්මාන්ත අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත.

මෙම ප්‍රමිති සහතික හා තත්ව පරීක්ෂණ සහතික ලබාදෙන අවස්ථාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම හා A. ලක්කදාස්, කර්මාන්ත අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) අරුණ බණ්ඩාර , කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, විදාතා ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන්, කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරීන් , ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 23
Previous Post

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ බිමේ තිබෙන ශක්තිමත් පක්ෂයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

බඹර අවදානම නිසා රඹෑව සංගිලිකනදරාව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

editor

editor

Next Post

බඹර අවදානම නිසා රඹෑව සංගිලිකනදරාව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved