27 April 2024
#දේශීය

වැස්සෙන් පිඩාවට පත් ජනතාවගේ තොරතුරු විමසිමට රාජ්‍ය ඇමති රෝහණ නිරික්ෂනයක

අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් මාතලේ ප්‍රදේශයේ දුෂ්කරතාවයන්ට පත්වු ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සදහා ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා එම ප්‍රදේශවල නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අමාත්‍යවරයා මාතලේ මැලදුම්පත, හුලංගමුව සහ නාගොල්ල ප්‍රදේශයන්හි ද අධික වර්ෂාව හේතුවෙන් මාතලේ හුලංගමුව වෙල්යායේ අමුණු 06ක් කැඩි යාම සහ කොටුවේගෙදර පන්සල පිටුපස ඇති ඔය පිටාර ගැලීම, මාතලේ අලුපොතුවල සපුමල් උයන පාලම අසල නිවාස 14කට සිදුව තිබූ හානි විම් පිළිබදව නිරික්ෂණය කළේය.

මාතලේ ඕවිලිකන්ද ප්‍රදේශයේ ‍‍‍‍‍‍‍එම මාර්ගය මතට විශාල ගලක් පෙරලීමෙන් සිදුව තිබූ මාර්ග අවහිර අවහිරතාවය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයාට කඩිනමින් දැනුම්දී එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කීරීමට අවශ්‍ය කටයුතු යෙදු අතර අනෙක් පිඩාවට පත් ජනතාවගේද අවශ්‍යතාවයන් පිළිබදව බලධාරින් දැනුවත් කිරිමට පියවර ගත්හ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *