27 April 2024
#දේශීය

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇති බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

නව සමෘද්ධිලාභීන් තේරීමේදී මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ් මහතා මේ බව කියා සිටියේ පසුගියදා මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා “තමා මේ පිළිබදව පෞද්ගලිකව සොයාබැලීමක් සිදුකල බවත්, වසම්භාර රජයේ නිලදාරි මහත්ම මහත්මීන්ගෙන් ලද තොරතුරු අනුව මේ වන විට සමෘද්ධි සහනාධාරය ලබාගැනීමට සුදුසු අය ඉවත්කොට වැඩි ආදායාම් ඇති පවුල් එම ලේඛණයට ඇතුළත් කර ඇති බවය. මෙසේ අක්‍රමිකතාවයන් ඇති වීමට හේතුව ලෙසින් එම නිලධාරීන් පවසන්නේ අත්දැකීම් නොමැති දරුවන් සංගණනය සිදුකිරීමේදී අදාල නිවෙස් හිමියන්ගෙන් ලබාගත් තොරතුරු පදනම් කරගනිමින් සංගණනය සිදුකල නිසා ඇතැම් පුද්ගලයන් ලබාදුන් ව්‍යාජ තොරතුරු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය. මෙමගින් වත්මන් රජය අපහසුතාවයට පත්වීම වලක්වාගැනීම සදහා මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමන් දැනුවත්කිරීමට කටයුතු කරන බවත් දිසානායක මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *