27 April 2024
#දේශීය

බෙල්වුඩ් සෞන්දර් නිකේතනය නිරික්ෂණයට රාජ්‍ය ඇමති රෝහණ යයි

මෙරට සංගීත නිර්මාණ කරුවන් රැසක් බිහිකළ සංගීත තෝතැන්නක් වන මහනුවර හේවාහැට බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය වර්තමානය වන විට ගැටලු රැසකට මුහුණ පා ඇති බව තමා සිදු කළ හදිසි නිරික්ෂනයේදි පැහැදිලි වු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

එහිදි දරුවන් ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු රැසක් පිළිබදව දක්නටලැබුණු බවත් . විශේෂයෙන් ම ඔවුන්ට පුර්ණ කාලින විදුහල්පතිවරයෙකු නොමැතිකම, ආහාරපාන ගැටළු, ගමනාගමන පහසුකම් පිළිබද ගැටළු පිළිබදව වැඩි අවධානයක් යොමු කළ බවත් සිසු දරුවන්ට ඇති ගැටලු පිළිබදව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසිය.

ඒ මොහතේම ජාතික තරුණසේවා සභාවේ විධායක නිළධාරීන් පැමිණ අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කළ බව පැවසු අමාත්‍යයවරයා . දරුවන් වෙනුවෙන් සුවිශේෂි විශාල මෙහෙවරක් සිදු කරන බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය නැවත වරක් අප රටෙහි සංගීත නිර්මාණ කරුවන් බිහිකිරීමේ පුරෝගාමී ආයතනයක් බවට බැබලවීම තමාගේ අරමුණ බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා සහ හේවාහැට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් එක්වි සිටියහ,

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *