29 April 2024
#දේශීය #පුවත්

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අංශයේ සම්බන්ධීකරණයෙන් රටපුරා අවුරුදු උත්සව මාලාවක් – සමන් රත්නප්‍රිය

ලබන්නා වු සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් රටපුරා අවුරුදු උත්සව 50 ක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇති බව ජනාධිපති කාර්යාලයේ වෘත්තීය සමිති සබඳතා අංශය පවසයි.

දේශිය ජන ක්‍රීඩා වලට මුල්තැන දෙමින් කොළඹ, කළුතර, ගම්පහ, මාතර, මහනුවර, අනුරාධපුර, ගාල්ල, යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම අවුරුදු උත්සව වලදී අවුරුදු කුමර කුමරියන් තේරීම, බයිසිකල් රේස්, ගමහරහා දිවීම, කොට්ටපොර ගැසීම ආදී අංග රාශියක් ඇතුලත් වේ.

පසුගිය වසර වලට සාපේක්ෂව මෙම වසරේ ර‍ටතුල පැවති උද්ධමනය අඩුවී ජනතාවගේ ජීවන තත්වය උසස් වී ඇති අවස්ථාවක වැඩිහිටියන්ගේ සහ කුඩා දරුවන්ගේ මානසික සුභ සිද්ධිය වැඩි දියුණු කිරීම උදෙසා මෙම අවුරුදු උත්සව මාලාව සංවිධානය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

පසුගිය සමයේ පැවති ආර්ථික අර්බුදයත් සමග මෙරට ජනතාවගේ ජීවන රටාව සහ සිතුම් පැතුම් වෙනස් වු අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සාහය මත මේ වනවිට රට යථා තත්වයට පත්වෙමින් තිබෙන බව පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා පසුගිය අයවැයෙන් රජයේ සේවකයන් සදහා වැඩිකල රු 10000 ක දීමනාවේ සම්පූර්ණ මුදල මෙම අප්‍රේල් වැටුපට එකතුවන බවත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *