27 April 2024
#දේශීය

කොරෝනා රෝග ලක්ෂණ තිබේනම් සෞඛ්‍ය ආරක්ෂිතව සිටින්න – නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත

තමන්ට කොරෝනා රෝග ලක්ෂණයක් තිබේ නම් සෞඛ්‍ය ආරක්ෂිතව නිවසට වී සිටීමත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත් වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ වන විට සමාජය තුළ හඳුනාගත නොහැකි මට්ටමේ රෝගී ලක්ෂණ නොපෙන්වන අය සිටින අතර ඔවුන් හරහා සංකූලතා සහ අධි අවදානම් සහිත පිලිකා රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අය මිය යාමේ ප්‍රවණතාවක් ඇති බව ද හේරත් මහතා පැවසිය.

එසේම හැකි ඉක්මනින් නිසි පරිදි තමාට අදාළ එන්නත කඩිනමින් ලබාගන්නා ලෙසට නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *