27 April 2024
#දේශීය

සයිනොෆාම් එන්නත් 125,000 ක් ජනතාවට ලබා දීමට පියවර ගැනේ

සයිනොෆාම් එන්නත් මාත්‍රා 125,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත්කරණය සඳහා වෙන්කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ,චීනයේ ප්‍රදානයක් ලෙස පසුගිය දා මෙරටට හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5නි. එහිදී එන්නත් මාත්‍රා 375,000ක් දෙවන මාත්‍රාව සඳහා වෙන්කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.එසේම එන්නත්කරණයේ දෙවැනි වටය පුනි 08 වනදා ඇරඹෙනු ඇති බව හෙතෙම පැවසිය.

ශ්‍රී ලංකාව චීනයෙන් මිලට ගැනීමට ඇණවුම් කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 30 මෙරට ඉක්මනින් ලැබෙනු ඇති බව යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තවත් එන්නත් මාත්‍රා 125,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත්කරණය සඳහා වෙන්කර ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

ජුනි මාද භාගයේදී තවත් එන්නත් තොගයක් මෙරටට ලැබීමට නියමිත බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *