• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමට පියවර – ජනපති

15 June 2022
in දේශීය

නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය, මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රම හඳුන්වාදීම, සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම සහ රජයේ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දීය.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීමෙන් එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදිය හැකිය. එවැනි ප්‍රධාන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීමේ ඇති වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

ලෝකයේ බොහෝ රටවල් ආහාර සුරක්ෂිතතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබේ. මෙරට අස්වනු බෙදාහැරීමේ දී ඉන් 40%ක් පමණ විනාශ වේ. මේ පිළිබඳ දැඩිව අවධානය යොමු කිරීමෙන් විශාල ආහාර ප්‍රමාණයක් ආරක්ෂා කරගත හැකි බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අස්වනු බෙදාහැරීමේ දී අතරමැදියන් සංඛ්‍යාව අවම කර ගැනීමෙන් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට ඇති හැකියාව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබීය.

රජයට අයත්, වගා නොකළ ඉඩම් හඳුනාගෙන වගාව සඳහා උනන්දුවක් දක්වන තරුණ පිරිස් වෙත කඩිනමින් ලබාදීමට පියවරගත යුතුය. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගා කටයුතු සඳහා සූදානමින් සිටි. එම ආයතන ද කෘෂිකර්මාන්තය සඳහා සම්බන්ධ කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය.

වගා සංග්‍රාමයට සමගාමීව පුනර්ජනනීය විදුලිබල උත්පාදන සංග්‍රාමයක ඇති අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් කෙරිණ. සූර්ය බල විදුලි උත්පාදනයට යොමුවීමෙන් පවතින විදුලි අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ආයතන මට්ටමින් ගත හැකි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය.

ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

ආහාර තොග රැස් කිරීමට එරෙහිව නව නීති සම්පාදනය කරනවා – අගමැති

Next Post

තාක්ෂණික නව්‍ය ව්‍යවසාය සංවර්ධනය අංශයේ පුහුණු ශ්‍රම බලකායට ශ්‍රී ලංකාව එක්වේ

editor

editor

Next Post

තාක්ෂණික නව්‍ය ව්‍යවසාය සංවර්ධනය අංශයේ පුහුණු ශ්‍රම බලකායට ශ්‍රී ලංකාව එක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved