• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනයට පියවර

3 October 2020
in සංවර්ධන

දේශීය හා විදේශීය ආයෝජක කර්මාන්ත රැසක් පිහිටා ඇති අධිවේගී මාර්ගයට ප්‍රවේශ මාර්ගයක්වන කෙරවලපිටිය කර්මාන්තපුර මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සොයා බැලීමට ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අදාළ නිලධාරීන් සමග අද(03) එම මාර්ගයේ නිරීක්ෂණයකට එක් විය.

දේශීය හා විදේශීය ආයෝජකයින් රට තුළ රඳවා ගැනීමට මාර්ග ඇතුළු යටිතල පහසුකම් සපුරා දීම ඉතා වැදගත් බව ලාන්සා මහතා පැවසීය.

මෙම ප්‍රදේශයේ නව ආයෝජකයින් සිය කර්මාන්ත ආරම්භ කිරීමට සූදානමින් සිටින බැවින් මාර්ගය විධිමත් ලෙස සංවර්ධනය කිරීම පමණක් නොව මාර්ගය අවට සිත් ගන්නා සුළු ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කරන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

කිලෝ මීටර් 2 ක පමණ දුරකින් යුත් මාර්ගය දෙපස කර්මාන්තශාලා පිහිටා තිබෙන අතර, ඒ සදහා බර වාහන ඇතුළු වන බැවින් වඩාත් ශක්තිමත් ලෙස මෙම මාර්ගයේ ඉදිකිරීම් සිදු කරන ලෙස අදාළ අංශ වෙත මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි, ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 10
Previous Post

ඉඩම් අහිමිවුවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් ලබා දෙන්න – ජනපති

Next Post

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය පනවයි

editor

editor

Next Post

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් ඇඳිරි නීතිය පනවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved