27 April 2024
#දේශීය

ලොකු ලුනු වගාව වැඩි කිරිමට පියවර

මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව හෙක්ටයාර් හාර දහස දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මාතලේ දිස්ත්‍රික් ලේකම් (දිසාපති) තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරණි ශ්‍රවනාගාරයේදී පැවැති මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් දිසාපතිවරිය මෙම අදහස් පළ කළේය.

මේ වනවිට ගොවීන් ලොකු ළූණු වගාවෙන් ඈත්වීමට හේතු සොය බලා ඒවාට කඩිනමින් විසදුම් ලබාදී ගොවින් නැවත ලොකු ළූණු වගාවට යොමු කරවීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දිසාපතිවරිය පැවැසීය.
ගොවීන්ට අවශ්‍ය බීජ, පොහොර හා නිෂ්පාදන සදහා සාධාරණ මිලක් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බවත් නිෂ්පාදන ඉලක්ක ලගාකර ගැනීම සදහා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ සියළු නිලධාරින්ගේ සහය අපේක්ෂාකරන බවත් දිසාපතිවරිය පැවසුවාය.

ලොකු ළූණු සදහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරන බැවින් ලොකු ළූණු නිෂ්පාදනය ඉහළ දැමීම මගින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ සදහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් කැපවිමෙන් කටයුතු කරනු ඇති බවත් දිසාතිවරිය පැවැසීය.

දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට පැමිණි ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දුන්නේ ගොවීන්ට ලොකු ළූණු වගාව සදහා අවම වශයෙන් රසායනික පොහොර 30% ක ප්‍රමාණයක් හා දිලිර නාශක අවශ්‍ය වන බවයි. මේ වන විටත් ගොවීන් එළබෙන කන්නය සදහා අවශ්‍ය ලොකු ළූණු බීජ වසන්තීකරණය සදහා යොමුකොට ඇති බවත් ගොවි සංවිධාන නියොජිතයන් මෙහිදී පෙන්වා දුන්නේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *