27 April 2024
#දේශීය

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීමට පියවර

කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්විණ.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීමේ මාර්ග පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

වත්මන් ආර්ථික අභියෝග ජයගැනීමට ගෙන ඇති පියවර සහ උතුරු නැගෙනහිර සුළු ජාතීන්ට අදාළ ගැටලු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව ඔහු මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය. දැනට කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර සිටින ව්‍යාපාරිකයන් හට මෙරට ආයෝජන සිදු කිරීමේ අවස්ථාව ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ඉන්දිරාණි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *