27 April 2024
#දේශීය

විදුලිය නාස්තිය අවම කිරීමට පියවර

විදේශ විනිමය හිඟය නිසා පැන නැගී ඇති ඉන්ධන සැපයීමේ ගැටලු හේතුවෙන් රටේ විදුලිය සැපයුම දැඩි ලෙස අඩාල වී ඇති හෙයින් විදුලි සැපයුම යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා පවසයි.

ඒ් අනුව එම අරමුණ සපුරා ගැනීම පිණිස සඳහා සංඥා පුවරු, නියෝන් සහ LED සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීමට ජාතික විදුලි පද්ධතියෙන් සැපයෙන විදුලිය භාවිත නොකරන්න ලෙසත් ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝක කිරීම හා අන් සියලු ආකාර ආලෝකකරණ සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිත නොකරන්න ලෙස දැනුම්දී සිටි.

විදුලිය කප්පාදුව අවම කිරීමට මෙන්ම විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට මෙය උපකාර වන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්නැයි සභාපතිවරයා විදුලිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *