27 April 2024
#ක්‍රීඩා

මාතලේ බැඩ්මින්ටන් ක්‍රිඩාව ප්‍රචලිත කිරිමට පියවර

මාතලේ නගරය ආශ්‍රිතව බැඩ්මින්ටන් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් අනුව අදාළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා පහසුකම් සැලසිමට පියවර ගෙන ඇති බව මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

කොමසාරිස්වරයා කියා සිටියේ මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ගෘහස්ථ ක්‍රිඩාගාරයේ බැඩ්මිටන් ක්‍රිඩා කිරිම සදහා පාසල් ළමයකුගෙන් පැයකට රුපියල් සියයක මුදලක් අය කර බවත් ඒ පිළිබදව දෙමාපින් විසින් සිදු කළ ඉල්ලිම් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු කර ඇති අතර මින් පසු පැයකට රුපියල් පනහක මුදලක් අය කිරිමට තිරණය කර ඇති බවය.

බැඩ්මින්ටන් ක්‍රිඩාව සිදු කරන ඇකඩමි මාර්ගයෙන් අදාළ ක්‍රිඩා කටයුතු සිදු කරන බවත් ඉදිරියේදි නගර සභාව මගින් නිසි පුහුණුවලත් බැඩ්මින්ටන් ක්‍රිඩා උපදේශයකුගේ සේවය ලබා දිමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඕනැම දරුවෙකුට අදාළ ක්‍රිඩාව පිළිබදව පුහුණුවිම් සිදු කිරිමට එතුළින් හැකියාව ලැ‍බෙන බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *