27 April 2024
#දේශීය

මාතලේ බර්නාඩ් පිළිසකර කරන්න පියවර

පසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

වැසිදින කිහිපයේදි ක්‍රිඩාංගණය විවිධ තරග සහ වෙනත් ක්‍රිඩා උත්සව සදහා ලබා දි තිබු අතර ප්‍රතිසංස්කරණය කරමින් පවතින තත්වය තුළ නිසි ලෙස ජලය බැසනොයාම හේතුවෙන් මෙම තත්වය හේතුවි ඇති බවත් මේ වන විට ක්‍රිඩා අමාත්‍යංශය මගින් ක්‍රිඩාංගණයේ ඉතිරි වැඩ නිම කිරිම සදහා මුදල් වෙන් කර ඇති අතර එය පිළිසකර කිරිමට පියවර ගෙන ඇති බවද කොමසාරිස්වරයා පැවසිය.

කෙසේ වෙතත් නගරයේ ඇති ප්‍රධානතම ක්‍රිඩාංගණය ක්‍රිඩා කිරිමට සුදුසු තත්වයට පත් කිරිමට ගත හැකි සැම පියවරක්ම ගන්නා බවද නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මෙම කටයුතු නිරික්ෂණය කිරිම සදහා මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ,නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න මහත්වරුන් ඇතුලු පිරිසක් එක් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *