• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

8 March 2021
in දේශීය

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කූඨ ව්‍යාපාරිකයන් පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මේ වන විට සහල් පාලනයෙන් තොරව පවතින බවයි.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞභාග්‍ය සතියට සමගාමීව කුරුණෑගල, රිදීගම පසුගිය දා(05) පැවති වැඩසටහන් මාලාවට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

සෞභාග්‍යා සතිය පසුගියා දා අනුරාධපුර දිස්ත්‍රිකයෙන් ආරම්භ විය. මල් ගම්මාන, කම්හල් ගම්මාන, පළතුරු ගම්මාන ආරම්භ කිරීම, ණය ප්‍රදානයන්, නව බැංකු ශාඛා විවෘත කිරීම් සහ නිවාස ආධාර ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

රිදීගම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වු රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා “ග්‍රාමීය ආර්ථික, ජාතික ආර්ථිකයට එක් කිරීමේ අරමුණෙන් අපි දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නිෂ්පාදන ගම්මාන 500 ක් ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරනවා. ඔවුන්ට ණය ලබා දීම, උපදේශනයන් ලබා දීමේ සිට වෙළෙඳපොළ සොයා ගැනීම දක්වා සියලු කටතුයු සඳහා රජය සහය දක්වනවා. ඒ සඳහා අයවැය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. කණාගාටුවෙන් වුණත් කියන්න ඕනෙ ඇතැම් කූඨ වෙළෙඳුන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා අද වන විට රජයක් වශයෙන් අපට සහල් මිල පාලනය කිරීමේ ගැටලු මතුවෙලා තියෙනවා. නමුත් අපි රජයක් විදියට පොරොන්දු වෙනවා ඉදිරි මාස් කන්නයෙන් පසු මේ තත්ත්වය වෙනස් කරල සහල් මිල පාලනය කරමින් ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණයක් සිදු කරන්න කටයුතු කරනවා කියල. මේ මාස 06ක කාලය තුළ අපි ජනතාව ගැන හිතල ගත්ත තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වසරේ අවසානයේ දී ජනතාවට භුක්ති විදින්නට හැකි වේවි. රාජ්‍ය බැංකු මූල්‍ය පද්ධතියම අද වන විට මේ රටේ ජනතාව වෙනුවෙන් කැප වෙලා සිටිනවා. නමුත් අපි දැක්ක පසුගිය කාලේ බැංකු පද්ධතිය අකර්මන්‍ය වෙන්න බලපාපු හේතු. පසුගිය පාලනය විශාල වශයෙන් ණය ලබා ගන්න කටයුතු කළා. ඒත් ඒ ගත්ත ණය ආයෝජනය කළේ මොන ව්‍යාපෘතිවලට ද කියල අදටත් හිතා ගන්න බෑ. නමුත් වගකිව යුතු රජයක් ලෙස ඒ ණයත් අපට ගෙවන්න වෙලා තියෙනවා. ආණ්ඩුව ආනයන සීමා කරලා රටේ නිෂ්පාදනයන් වර්ධනය කරන්න ගත් තීරණය අනුව රටේ යම් යම් තැන්වලදී පාරිභෝගිකයන් අපහසුතාවට පත් වුණා. නමුත් ඒකෙන් ප්‍රයෝජනය ගත්ත නිෂ්පාදකයන් පිරිසක් මේ වන විට රට තුළ ගොඩ නැගිලා තියෙනවා. අපේ අරමුණ වුණෙත් එවැනි පිරිසක් බිහි කිරීම” යැයි සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් හපුහින්න, අතිරේක ලේකම් සී.ඩී. කළුආරච්චි, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුහ.

 

Post Views: 9
Previous Post

රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි

Next Post

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා - ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved