27 April 2024
#දේශීය

රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි

මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති පුටුවේ ඉන්දුවේ දශක තිහක යුද්ධය අවසන් කරපු එතුමා ඉදිරි වසර කීපය තුළ මේ රටේ සංවර්ධන යුද්ධය ජය ගන්නා බව නිසැක බව ජයරත්න මහතා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිඳගල දොළුව හරහා ගම්පොල දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා“ එදා අපි ජනාධිපතිවරණයේදී ඔබට පොරොන්දු වුණා ගෝඨාභය මැතිතුමා ජනාධිපති වෙනකොට ඔබේ ගමේ සංවර්ධනය පිළිබඳ වගකීම මම භාර ගන්නවා කියලා. මේ ආණ්ඩුව කවදාවත් ගමේ සංවර්ධනය,ගමේ ඇති ප්‍රශ්න ගැටලු ආණ්ඩුවක් නෙමෙයි ඒක ඔබට ඇස් පනාපිටම පේන්න තියෙනවා.
ඉදිරි කෙටි කාලය තුළ ගම්පොළ ප්‍රදේශයට 90% කට අධික ප්‍රමාණයකට පානීය ජලය ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරල ඉවරයි. පහුගිය කාලයේ පැවති ආණ්ඩු වගේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ. දැන් විපක්ෂයක් පටන් අරගෙන ගමින් ගමට ගිහිල්ලා ජංගම සේවා පවත්වන්න. ගෙදරට ගිහිල්ලා අහනවා අනේ ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් තමයි විපක්ෂයට මතක් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියලා. අපිට තියෙන්නෙ ජනතාවගේ ඡන්ද ටික පෙට්ටියට දාලා ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. රට පිළිබඳ රටේ සංවර්ධනය පිළිබඳ ඊට එහා ගියපු වගකීමක් අපට තිබෙනවා. රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පමණයි. ඒ නිසා තමයි 68 ලක්ෂ කින් මේ රටේ ජනතාව එතුමාව ජනාධිපති පුටුවේ ඉන්දුවේ.දශක තිහක යුද්ධය අවසන් කරපු එතුමා ඉදිරි වසර කීපය තුළ මේ රටේ සංවර්ධන යුද්ධය ජය ගන්නා බව නිසැකයි.

මෙම අවස්ථාව සඳහා මහමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමා, ඇතුළු රාජ්‍ය නිලධාරීන් දේශපාලන නායකයින් සහ ප්‍රදේශයේ ජනතාව එක් වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *