27 April 2024
#ක්‍රීඩා

STF එක පිස්සන් කොටුවක් – ෆීල්ඩ් මාෂල් සරත්

අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇති බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින්.

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ පොලිසිය මගින් පාතාලයේ මෙන් හැසිරීම අනුමත කළ නොහැකි බවයි. අහිංසක පුද්ගලයින්ගේ අත් කකුල් බැදලා යම් යම් දේවලට හිරේ දනවමනම් පොලිසිය විසින් ඒවා නිවැරදි කළ යුතු බව හෙතෙම කියා සිටියේය.

පොලිස් විශේෂ බලකාය ඉතා විශාල කාර්යයක් කර කණ්ඩායමක් බවත් අද වන විට එම බලකායට සිදුව ඇති දේ කුමක්දැයි කියා තමා නොදන්නා බව අමාත්‍යවරයා අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *