පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකින් මහා පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත වූ කාන්තාවක් මොරටුව වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම විසින් මොරටු වැල්ල ප්‍රදේශයේ ලිපිනයක් වෙත ගොස් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී අදාළ කාන්තාව සන්තකයේ තිබී කිලෝ එකකුත් ග්‍රෑම් 150ක කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබේ. සැකකාර කාන්තාව වයස අවුරුදු 47ක මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ප්‍රදේශයේ තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කිරීමට මෙවැනි පුද්ගලයන් කටයුතු කිරීම රටේ අනාගතයට විශාල තර්ජනයක්.














