විශේෂ කාර්ය බලකායේ ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, එම කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී ඇතුළු කණ්ඩායමක් විසින් 2026.07.07 දින කින්නියා ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබේ. කින්නියා 03, මාංචෝලයි පාර ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේදී මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී බලපත්‍ර නොමැතිව රහසිගතව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වාලම්පුරි දෙකක් සොයාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් කින්නියා 03, මාංචෝලයි පාර ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම වාලම්පුරිවල දළ වටිනාකම රුපියල් කෝටි දෙකකට අධික වන අතර, සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
















