• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වර්ජනය නවතා වැඩට එන්න – තැපැල්පති

16 June 2018
in දේශීය

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථාන වෙත හැකි ඉක්මනින් වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අභයරත්න මහතා ඉල්ලා සිටි.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා, අමාත්‍යංශ ලේකම් හා තැපැල්පති වශයෙන් තමාත් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන ගැටළු සාධාරණ බව පිළිගන්නා අතර ඉදිරි මාසයක කාල සීමාව තුළ සෑම දෙනාටම පිළිගත හැකි සමස්ත විසඳුමකට යාමට කටයුතු කරන බව සදහන් කරයි.

අවුරුදු 200කට අධික කාලයක සිට සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන තැපැල් දෙපාර්තමේන්තුව මෙම වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට අවශ්‍ය සේවාවන් සැපයීමට නොහැකි වුවහොත් එහි වගකීම තම දෙපාර්තමේන්තුව සතු වන බවත් එහි අහිතකර ප්‍රතිපල කාර්ය මණ්ඩලයට භුක්ති විඳින්නට සිදු වන බවත් තැපැල්පතිවරයා පෙන්වා දෙයි.

තවද වර්තමාන තරඟකාරි පසුබිම තුළ තැපැල් සේවාවට සමාන වූ සමාන්තර සේවා සපයනු ලබන ආයතනයන්හි තරඟකාරිත්වය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් තම සේවාව ප්‍රශස්ත ලෙස කර ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඔහු තව දුරටත් අවධාරණය කර සිටියේය.

සියලු වෘත්තීය ක්‍රියාමාර්ග අවසන් කර දෙපාර්තමේන්තු‍වේ කටයුතු යථා තත්ත්වයට පත්කරන්නට අවශ්‍ය සහයෝගය ලබා දී, සාකච්ඡාමය විසදුමකට පැමිණෙන ලෙස වැඩවර්ජනයේ යෙදී සිටින සියලුම කාර්ය මණ්ඩල සේවකයින්ගෙන් තැපැල්පතිවරයා නැවතත් ඉල්ලා සිටි.

Post Views: 11
Previous Post

නීතිය අන් හැමදේටම වඩා ඉහළයි – දඹර අමිල හිමි

Next Post

රැදවියෙකගෙන් කබීර්ට තෑග්ගක්

editor

editor

Next Post

රැදවියෙකගෙන් කබීර්ට තෑග්ගක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved