එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආසන්න උපායමාර්ගිකව වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) දකුණු කොරියාවට අයත් ‘HMM Namu’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැක කෙරෙන පුවතක් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම සිදුවීමට සුළු වේලාවකට පෙර ADNOC (Abu Dhabi National Oil Company) ආයතනයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකාවකට ද එම මුහුදු සීමාවේදීම ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් අරාබි එමීර් බලධාරීන් තහවුරු කර තිබේ.
ලොව තෙල් ප්‍රවාහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිදු කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට මෙලෙස එල්ල වන ප්‍රහාර හේතුවෙන් කලාපයේ ආරක්ෂාව මෙන්ම ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳව ද දැඩි අවදානමක් මතු වී ඇත. ආරක්ෂක අංශ මේ වන විටත් අදාළ ප්‍රහාරයන්හි ස්වභාවය සහ ඒ පිටුපස සිටින පාර්ශ්වයන් හඳුනාගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.














