කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60ක් දක්වා වැඩි විය හැකි අතර, මීගමුව සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු රළ මීටර් 2.5-3.0ක් පමණ ඉහළ යාමේ හා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ. මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.
















