වසර 75කට පසුව ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයකට මෙවර මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ වසර අවසන් වන විට එල්-නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
ගෝලීය පුරෝකථන අනුව මෙම එල්-නිනෝ තත්ත්වය ශක්තිමත්ව වර්ධනය වන බවත්, එය මේ වසර අවසන් වනතුරුම පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කර ඇත. 1950 සිට මේ දක්වා ඇති වූ එල්-නිනෝ සංසිද්ධීන් සමඟ සසඳන විට, මෙවර තත්ත්වය එම සියල්ලටම වඩා ඉතා ප්‍රබල වීමට ඇති සම්භාවිතාව 70%කට ආසන්නව පුරෝකථනය වී තිබේ.














