ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ‘නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය’ හිමිකරගෙන තිබේ.
පාර්ලිමේන්තු ක්‍රියාවලියට දැක්වූ කැපවීම, රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමා ඇත.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය විසින් සංවිධානය කරන ‘වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී’ ඇගයීම් යටතේ මෙම සම්මානය පිරිනැමෙන අතර, සුගත් වසන්ත ද සිල්වා මහතා සඳහා වන නාමයෝජනාව මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ ශ්‍රී ලංකා ශාඛාව විසින් ජූලි 08 වැනිදා ලන්ඩනයේ පිහිටි CPA මූලස්ථානය වෙත ඉදිරිපත් කර තිබිණි.
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම මන්ත්‍රීවරයා ලෙස සැලකෙන ඔහු, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරමින් සිටී.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන සම්බන්ධයෙන්ද ඔහු කටයුතු කර ඇති අතර, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වා තිබේ.














