විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිම් කලාපයේ වනාතවිල්ලුව පරණ එළුවක්කුලම නෙළුම් වැව ප්‍රදේශයේ කුඹුක් ගස් ගිනි ගැනීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර, සංවේදී පරිසර පද්ධතියක ස්වභාවික වෘක්ෂලතා විනාශය පිළිබඳව අවධානය යොමු කර තිබේ. ගින්න හිතාමතා සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව විමර්ශනයෙන් තහවුරු වුවහොත්, වගකිවයුත්තන්ට එරෙහිව පවතින නීති යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යාංශය සඳහන් කර ඇත.
මේ අතර, වාරිමාර්ග, වන සංරක්ෂණ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු අදාළ ආයතන සහ ආරක්ෂක අංශ එක්ව අද (18) සිද්ධිය වූ ස්ථානයේ ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.
















