සුනේත්රාදේවී රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති සහ බොරලැස්ගමුව නගර සභාවේ නාගරික මන්ත්‍රී පූජ්‍ය වැල්ලම්පිටියේ සුමන හිමියන්, පන්සලට අයත් ඉඩමකට කූට ලේඛන සකස් කර විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියට අදාළව, සුනේත්රාදේවී පිරිවෙනට හෝ රජමහා විහාරයට අයත් පර්චස් 8.3ක ඉඩම් කොටසක් හේවාගමගේ දොන් මර්වින් ඉන්ද්‍රජිත් නැමැත්තෙකුට රුපියල් ලක්ෂ 75ක මුදලකට විකුණා ඇති අතර, මෙම හොර ඔප්පුව සකස් කිරීම සඳහා නීතිඥ කුමාරි ගීතිකා ජයසේකර සහ නොතාරිස් නදීල් දුලන්ත මලල්ගොඩ යන අය සහාය වී ඇති බව අනාවරණය වී තිබේ. අදාළ ඉඩම විහාර හා දේවාලගම් පනත යටතේ පාලනය වන පන්සලට අයත් ඉඩමක් වීම හේතුවෙන් දෙල්කඳ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය මගින් එහි ලියාපදිංචිය ප්‍රතික්ෂේප කර ඇත.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වරද පිළිගත් සුමන හිමියන්, අදාළ මුදල් යළි ලබාදීමට පොරොන්දු වීමෙන් අනතුරුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ. මෙවැනි වගකිවයුතු තනතුරු දරන පුද්ගලයන් නීති විරෝධී ක්‍රියාවල නිරත වීම සමාජයට අඳුරු පූර්වාදර්ශයක් සපයන අතර, ඊට සම්බන්ධ වූ නීතිඥවරුන්ට එරෙහිව මෙතෙක් නිසි පරිදි නීතිමය පියවර ගෙන නොමැති වීම සම්බන්ධයෙන්ද විවේචන එල්ල වී තිබේ.














