• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය

20 June 2022
in දේශීය

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පල කලේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ අද (20) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ මේ බව පැවසීය.

නීතිවිරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා “ශූන්‍ය අවකාශය” ඕස්ට්‍රේලියාවේ පෙර පැවති කොන්සර්වේටිව් රජයේ ප්‍රතිපත්තිය විය. කම්කරු පක්ෂය නියෝජනය කරන නව රජයේ ප්‍රතිපත්තිය ද එයම බව ක්ලෙයාර් මහත්මිය කියා සිටි.

නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීමට තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිතුමා නාවික හමුදාව එම පියවරයන් ඉදිරියට ගෙන යමින් ඇති බව පැවසීය.
ඕස්ට්‍රේලියානු රජය නෞකා, තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සපයමින් ඊට දෙන සහාය අගය කළ රාජපක්ෂ මහතා දෙරට මනා සබඳතාවයකින් කටයුතු කරමින් සිටින බව සඳහන් කරනු ලැබීය.

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවධානයෙන් පසු වේ. එම අවශ්‍යතාව සපුරාලමින් ඉන්දියන් සාගරය ආරක්ෂක කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. නාවික හමුදාවේ 50දෙනෙක් මේ වන විට විශේෂ පුහුණුව සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිති. එවැනි පුහුණු අවස්ථා සහ මෙරට ආරක්ෂක හමුදා සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කරනු ලැබීය.

රේගු පරිපාලනය සම්බන්ධයෙන් ඇති අත්දැකීම් ලබාදෙමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කරගැනීමටත් සහාය වන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

ධීවරයන් නියාමනය, වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන්ට උසස් අධ්‍යාපනය ලබාගත හැකි කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සහාය වීමට තම රජය සූදානම් බවත් අමාත්‍යවරිය පැවසුවාය.

ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ APM කොමසාරිස් මයිකල් අවුට්‍රම් (Michael Outram), ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ජස්ටින් ජෝන්ස් (Justin Jones), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly), පළමු ලේකම් ඇෂ්ලි ඇල්ඩර්ටන් (Ashley Alderton), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, විදේශ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර වැඩි කෙරේ

Next Post

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

editor

editor

Next Post

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved