• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතියට සහාය වනවා – ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්

4 July 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්‍රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (04) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ.

මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසීය.

නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබීය.

දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.

 

Post Views: 9
Previous Post

කාංචන ජොක් නෙමෙයි ජනතාවට තෙල් ලබා දෙන්න – ජවිපේ අනුර

Next Post

ජනපති පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

ජනපති පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved