රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය හෙට (සැප්තැම්බර් 02) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
අද දින පෙත්සම්කාර පාර්ශ්වයේ දේශන ඉදිරිපත් කිරීම රාත්‍රී 10.30 ට පමණ අවසන් වීමත් සමඟ විභාගය හෙට දින දක්වා කල් තබා ඇත. ඒ අනුව, හෙට දිනයේදී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන සහ අතරමැදි පෙත්සම්කරුවන්ගේ ඉදිරිපත් කිරීම් සිදු කිරීමට නියමිතය.














