27 April 2024
#දේශීය

අධිභාර බද්ධ පනත් කෙටුම්පත සම්මතයි

අධිභාර බද්ද පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (07) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කරන ලද අතර අනතුරුව කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ප්‍රකාශ කර සිටියේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් කිහිපයකින් මෙම බද්ද අයකිරීමට එරෙහිව තම පක්ෂය විරුද්ධත්වය ප්‍රකාශ කළ බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ද ගොනුකළ බවත්ය. එසේම මෙම අධිභාර බද්ද අයකිරීමෙන් ඉවත්විය යුතුයැයි සිය පක්ෂය යෝජනා කරන ආයතනවල ලැයිස්තුවක්ද ඔහු ඉදිරිපත් කරන ලදී.

මෙම පනත් කෙටුම්පත සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ විරුද්ධත්වයක් නොමැති බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පවසා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *