2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ තොරතුරු වසං කිරීමේ චෝදනා මත අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් පවත්වාගෙන යනු ලබන උපවාසය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ, ඔහු සිදු කරන එම උපවාසය හුදෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් සිදු කරන දේශපාලනික ප්‍රයෝගයක් බවයි. අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතා සිදු කරන්නේ බොරු රංගනයක් බවත්, ඔහු සැබෑ ලෙසම අනුගමනය කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් බවත් අමාත්‍යවරයා රට හමුවේ හෙළි කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පුළුල් විමර්ශනවලදී මතු වූ කරුණු සහ වගකිවයුතු නිලධාරීන්ගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙහිදී අමාත්‍යවරයා විසින් පැහැදිලි කරන ලදී.
















