රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා 2024 ඔක්තෝබර් මාසයේදී විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, මිලින්ද මොරගොඩ මහතා තනතුරු දරන ‘Pathfinder’ ආයතනයේ සේවය කළේ ද යන්න පිළිබඳව නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා ප්‍රශ්න කර සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ මෙරට රාජ්‍ය බුද්ධි තොරතුරු රැසක් සන්තකයේ තබාගෙන සිටි සුරේෂ් සලේ මහතා, විශ්‍රාම යාමෙන් පසු එවැනි ස්වේච්ඡා සංවිධානයක සේවය කළේ නම් එය රටේ ස්වෛරීභාවයට සෘජු බලපෑමක් එල්ල නොකරන්නේ දැයි බරපතළ සැකයක් මතුවන බවයි. ඇතැම් දේශපාලනඥයන් පවසන පරිදි සුරේෂ් සලේ මහතා මේ වන තෙක් කිසිදු පුද්ගලයෙකු පාවා දී නොමැති බව ද නීතිඥවරයා සඳහන් කරයි.
මෙම පසුබිම තුළ, පාස්කු ප්‍රහාරය ඇතුළු මෙරට සිදු වූ තවත් අපරාධ ගණනාවක් පිටුපස සිටින දේශපාලනඥයන් සහ අපරාධකරුවන් ආරක්ෂා කිරීම සඳහා සුරේෂ් සලේ මහතා උත්සාහ කරන්නේ දැයි තමන් ප්‍රශ්න කරන බව ද නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා වැඩිදුරටත් කියා සිටී.
















