පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අධිකරණ නියෝගයකට අනුව ඊයේ (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන ලදී. කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් අප්‍රේල් මස 22 වනදා නිකුත් කරන ලද නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇත්තේ සැකකරු වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. මීට අමතරව සැකකරු අධිකරණ මානසික වෛද්‍යවරයෙකු සහ පෝෂණවේදියෙකු වෙත ඉදිරිපත් කරන ලෙසත් අක්ෂි රෝහල වෙත යොමු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පෙර නඩු දිනයේදී නියෝග කර තිබුණි.














