27 April 2024
#දේශීය

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු එප්පාවලදී අත්අඩංගුවට

එප්පාවල, ඉහල හල්මිල්ලෑව ප්‍රදේශයේ සැක කටයුතු පුද්ගලයෙකු හා මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය කියා සිටියේ අත්අඩංගුවට ගත් සැකකරු ස්ත්‍රී දුෂණයක් සිදු කිරීම, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම සහ තවත් අපරාධයන් 18 ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණ වී තිබෙන බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කණ්ඩයාමක් විසින් වැඩිදුරටත් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී කාර් රථය තුල සුක්ෂමව සඟවා තිබු විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් හා පතරොම් 03 ක් සොයා ගැනීමට හැකීව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ත් වු ගෝණහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.සැකකරු දින දෙකක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *