27 April 2024
#දේශීය

ප්‍රතිමා සොරාගත් සැකකරු අත්අඩංගුවට

ලග්ගල ප්‍රදේශයේ දේවාලයකින් දේව පිළිම දෙකක් සොරාගත් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.

මෙම සොරාගත් බව කියන දේව පිළිම රත්තොට දන්කන්ද ප්‍රදේශයේ සගවා තිබියදි පොලිසිය විසින් සොයාගත් අතර සැකකරු දන්කන්ද ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධව අනෙක් සැකකරු පලා ගොස් ඇති අතර ඔහුද අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ පවත්වන බවත් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරිම සදහා සැකකරු ලග්ගල පොලිසියට බාර දි තිබේ.

රත්තොට පොලිස් ස්ථානාධිපති පො.ප හර්බට් සිල්වා මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *