27 April 2024
#දේශීය

කොඩ්බේ ධීවර වරායේ සැකකටයුතු මරණයක්

චීන වරාය, කොඩ්බේ ධීවර වරායේ ඊයේ (15) පෙරවරුවේදී නවතා තිබු බහුදින යාත්‍රාවක මුරකරු ලෙස සිටි පුද්ගලයෙකු මුහුදට වැටි සැකකටයුතු ලෙස මිය ගොස් ඇති බව චීන වරාය පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 35 ක් වු පින්නදුව, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *