ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන යටතේ දඹුල්ල (සීගිරිය) සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව, අදාළ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව M/s Resources Development Consultants (Pvt) Ltd සහ M/s Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd යන ආයතන වෙත රුපියල් මිලියන 173.86ක මුදලකට (වැට් බදු රහිත) පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
















