ශ්‍ර්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සහ ශ්‍ර්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකදී 2027 ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වෙන “ශ්‍ර්‍රී ලංකා එක්ස්පෝ 2027″ ප්‍රදර්ශනය සඳහා ස්වීඩන වෙළඳ දූත පිරිසක් සහභාගී කරවීමට එකඟතාව පළ විය. ස්වීඩනයේ සහ සමස්ත නෝර්ඩික් කලාපයේ ගැනුම්කරුවන් සහ ආයෝජකයින්ගෙන් සමන්විත මෙම දූත පිරිස ශ්‍ර්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ කරවීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙම හමුව ශ්‍ර්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැති අතර, එහිදී ලංකා කුරුඳු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, ඇඟලුම් සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශවල පවතින අපනයන විභවයන් පිළිබඳව දෙපාර්ශවයම කරුණු සාකච්ඡා කළහ. යුරෝපීය වෙළඳපලවල ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍ර්‍රී ලංකාව නිපදවන තිරසාර නිෂ්පාදන සඳහා නෝර්ඩික් කලාපය තුළ පවතින ඉහළ ඉල්ලුම තානාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරනු ලැබීය.
ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ දේශීය අපනයනකරුවන් අතර සබඳතා ශක්තිමත් කිරීම මගින් ශ්‍ර්‍රී ලංකාවේ අපනයන කාර්‌යසාධනය ඉහළ නැංවීම මෙම වැඩසටහනේ අපේක්ෂාවයි. ඉදිරි ජනවාරි මාසයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය හරහා දෙරට අතර වාණිජමය සබඳතා සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම සඳහා අවශ්‍ය පූර්‌ව කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.
















