ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සිඩ්නි ස්වීනි පෙනී සිටි නවතම ක්‍රීඩා ඔට්ටු ඇල්ලීමේ ප්‍රචාරක දැන්වීමක් මුල්කරගනිමින් මතුව ඇති දැඩි සංවාදය හමුවේ ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් 200,000කට අධික පිරිසක් ඇයව Unfollow කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අදාළ ප්‍රචාරක පටය තුළ ඇය නිරුවත්ව පෙනී සිටීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රය ආශ්‍රිතව කාන්තා සිරුර සෘජුවම වාණිජමය හා ලිංගික ආකර්ෂණය සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් සහ ක්‍රීඩා තාරකාවන්ගෙන් දැඩි විවේචන එල්ල වී තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔලිම්පික් පිහිනුම් ශූරී අරියාර්න් ටිට්මස් සඳහන් කළේ, ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ තවමත් කාන්තා සිරුර මෙලෙස පසෙකට කරමින් වාණිජකරණයට සහ ලිංගික ආකර්ෂණයට ලක්කිරීම දැඩි ලෙස කෝපයට පත්විය යුතු කරුණක් බවයි. කෙසේ වෙතත්, මෙම අනුගාමිකයින් පිරිස අහිමි වීම සහ මතුව ඇති මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් සිඩ්නි ස්වීනි හෝ ඇගේ ප්‍රකාශකයින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.














