කිසිදු නිල පැහැදිලි කිරීමකින් තොරව සිරියානු හමුදාව විසින් හදිසි යුධ තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව හමුදා ‘සී’ මට්ටමේ (Alert Level C) අවධානම් තත්ත්වයක් මත පිහිටුවා ඇති අතර, සියලුම සේවකයන් වහාම තම ඒකක වෙත වාර්තා කරන ලෙස නියෝග කර තිබේ. එසේම සිරියානු-ඉරාක දේශසීමාව වෙතද හමුදා ඒකක යොදවා ඇත.
ඉරාක දේශසීමාවේ ඇති වූ මෙම හදිසි සහ පැහැදිලි කළ නොහැකි බලමුලු ගැන්වීම ආරක්ෂක පියවරක් ලෙස සිදුකළක්ද, ඉරාන ගැති කණ්ඩායම් සමඟ සම්බන්ධයක් පවතියිද, නැතහොත් වෙනත් සූදානමක් සඳහාද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැත. කලාපය තුළ පවතින දැඩි උණුසුම්කාරී වාතාවරණය හමුවේ සිරියාව මෙලෙස නිහඬව හමුදා අස්ථානගත කිරීම් සිදු කරන්නේ ඇයිද යන්න පිළිබඳව මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(x) ඇසුරින්













