චීනයෙන් එල්ල වන හමුදාමය බලපෑම් සහ තර්ජනයන්ට මුහුණ දීම සඳහා තම ආරක්‍ෂක පද්ධති නවීකරණය කරමින් ඩ්‍රෝන යානා සහ මිසයිල නාශක පද්ධති මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොනල්ඩ් ඩොලර් බිලියන 4.59ක (තායිවාන ඩොලර් බිලියන 145.7ක) අතිරේක ආරක්‍ෂක පිරිවැයක් සඳහා තායිවාන අමාත්‍ය මණ්ඩලය අද (03) අනුමැතිය යෝජනා කර තිබේ.
“ජාතික ආරක්ෂාවේ කිසිදු අඩුවක් තැබිය නොහැක” යන්න අවධාරණය කරමින් තායිවාන රජය නිකුත් කළ නිවේදනයක දක්වා ඇත්තේ, දේශීයව නිෂ්පාදිත Strong Bow මිසයිල නාශක පද්ධති, වෙරළාරක්ෂක ඩ්‍රෝන යානා 600කට වැඩි ප්‍රමාණයක්, ප්‍රහාරක ඩ්‍රෝන 40,000කට වැඩි ප්‍රමාණයක් සහ ප්‍රථම වරට මරාගෙන මැරෙන කුඩා ඩ්‍රෝන යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් මිලදී ගැනීමට මෙම මුදල් යොදවන බවයි. තායිවාන ජනාධිපති Lai Ching-te (ලයි චිං-තේ) මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ආරක්ෂක වැඩපිළිවෙළ හරහා ඉදිරි වසර සඳහා වන තායිවානයේ සමස්ත ආරක්ෂක පිරිවැය ප්‍රථම වරට තායිවාන ඩොලර් ට්‍රිලියනය ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















