තායිවාන හමුදාවේ ඉහළම අවි සංවර්ධන ආයතනය වන ජාතික චුං-ෂාන් විද්‍යා හා තාක්ෂණ ආයතනය, අනාගතයේදී තායිවානය සතු දකුණු චීන මුහුදු දූපත්වල භාවිත කළ හැකි රොබෝ මුර බල්ලන් තිදෙනෙකු පසුගිය අඟහරුවාදා ප්‍රදර්ශනය කළේය.මෙම රොබෝ බල්ලන් අමෙරිකානු හමුදා සැපයුම්කරුවෙකු වන Ghost Robotics ආයතනය විසින් නිෂ්පාදනය කර ඇති අතර, තායිවාන ආයතනය විසින් ඒවායේ පිටුපස ඔත්තු බැලීම, නිරීක්ෂණය සහ ගිනි බලය සඳහා අවශ්‍ය තාක්ෂණයන් සවි කර ඇත. ගිනි බලය සඳහා යොදා ගන්නා රොබෝ බල්ලා සතු පිටුපස තුවක්කුවක් ද සවි කර තිබේ. තායිවාන හමුදාව මෙවැනි උපකරණවල අවශ්‍යතාවය ප්‍රකාශ කර ඇති නමුත්, මෙතෙක් නිල වශයෙන් ඇණවුම් කර නොමැත. දකුණු චීන මුහුදේ පිහිටි නන්ෂා සහ ඩොංෂා (Spratly සහ Pratas) දූපත්වල වෙරළ තීරයේ මුර සංචාර සහ පරීක්ෂණ කටයුතු සඳහා මෙම රොබෝ බල්ලන්ගේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව මැරීන් බළකාය විශ්වාස කරයි.
















