දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරුවලින් පාසල් සිසුන් ඇතුළු තරුණ පරපුර ආරක්ෂා කර ගැනීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින්, ‘Take Care සුරැකෙමු මගතොට’ වැඩසටහනේ දෙවන අදියරේ 17 වන අදියර අද (10) බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්රියාත්දිනෙන් දින ඉහළ යන මාරක රිය අනතුරුවලින් පාසල් සිසුන් ඇතුළු තරුණ පරපුර ආරක්ෂා කර ගැනීමේ ජාතික වගකීම පෙරදැරි කරගනිමින්, ‘Take Care සුරැකෙමු මගතොට’ වැඩසටහනේ දෙවන අදියරේ 17 වන අදියර අද (10) බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්#balangodaමක වේ.
දිවයින පුරා මාර්ග අනතුරු වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික අවශ්‍යතාව මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම ආයතනික හා සමාජීය මෙහෙයුම ඉදිරියට ගෙන යනු ලබයි.
මාවත්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දරුවන් තුළ මෙන්ම පුරවැසියන් තුළ විනයක් හා මඟපෙන්වීමක් ඇති කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන් මාලාව හරහා, අනාගත පරපුර රිය අනතුරුවල ගොදුරු බවට පත්වීම වැළැක්වීමට සහ මාර්ග නීති පිළිපැදීමේ සංස්කෘතියක් සමාජගත කිරීමට පුළුල් පදනමක් සැකසෙනු ඇත.














